Colombo Today Local News

පාසල් දරුවන්ට වියලි ආහාර ද්‍රව්‍ය සලාකයක්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාර්තු (13) දින සිට පාසල් වසා තැබීම නිසා එම දරුවන් වෙනුවෙන් දෛනිකව වෙන් කර තිබූ ආහාර මුදල් එක් කර වියළි ආහාර ද්‍රව්‍ය සලාකයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කල අමාත්‍යවරයා ඒ අනුව ඉදිරි කාලය තුල සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා රු 965ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය සලාක සිසු දරුවන් ලක්ෂ 12කට ලබා දීමට කටයුතු කරන බව ඇමතිවරයා පවසා සිටියා.

පසුගිය කාලයේ ලබා නොදුන් මුදල් වෙනුවට බිත්තර,සමපෝෂ,සහල් නූඩ්ල්ස්, බිස්කට්,කඩල ,කව්පි ඇතුළත් මෙම වියළි ආහාර ද්‍රව්‍ය සලාකය ලබා දෙන අතර මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

2006 වසරේ සිට මහින්ද චින්තන ඉදිරිදැක්ම යටතේ, අඩු ආදයම්ලාභී සිසු දරුවන් වෙනුවෙන් දෛනිකව ආහාර ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක වූ අතර එක් දරුවකු වෙනුවෙන් මෙතෙක් ලබා දුන් රු 30ක මුදල් රු 35 දක්වා වැඩි කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday

ඔමික්‍රෝන් ඇතුළුවීම වලක්වන්න රජය සියලූ ක්‍රියාමාර්ග ගෙන අවසන් – නාමල් රාජපක්ෂ

colombotoday

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කර පාසල් සිසු රක්ෂණය පෞද්ගලික සමාගමකට?

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන විපක්ෂ  නායක මහින්දගේ අදහස…

colombotoday