Colombo Today Local News

මාලිගාවත්තේ මියගිය අයට උසස් ස්වර්ගය හිමි විය යුතුයි. තුවාලකරුවන් වහාම සුවය ලැබිය යුතුයි. අල්ලාහ්ගෙන් අයැද උලමා සභාවෙන් මාධ්‍ය නිවේදනයක්

මාලිගාවත්තේ මියගිය අයට උසස් ස්වර්ගය හිමි විය යුතු බවත් තුවාලකරුවන් වහාම සුවය ලැබිය යුතු බවටත් අල්ලාහ්ගෙන් අයැද උලමා සභාවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය…

මාලිගාවත්ත සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හෙළා දැකීම

කොවිඩ්-19 ආසාදන ව්‍යාප්තියෙන් මහජන ආරක්ෂාව සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. රටේ සෞඛ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පෙරදීම නිකුත් කොට ඇති මගපෙන්වීම් අනුගමනය නොකොට ඊයේ දිනයේ (21.05.2020 / 27.09.1441) ඇති වූ සිදුවීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකියි.

මෙම සිදුවීමෙන් මියගිය අයට උසස් ස්වර්ගය හිමි විය යුතු හා තුවාලකරුවන් වහාම සුවය ලැබිය යුතු යැයි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සර්ව බලධාරී අල්ලාහ්ගෙන් අයැද සිටියි.

දුගී දුප්පත් ජනයාට ආධාර සහ සහන ලබාදීමේ කටයුතු සඳහා අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව නිසි නීතීන් අනුගමනය කරමින් කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පෙරදීම උපදෙස් දී ඇති හෙයින් මෙවැනි සිදුවීම් ඇති වී තිබීම දැඩි කනස්සල්ලට හේතුවකි.

ඉතා අසීරු වතාවරණයක් තුළ දුප්පතුන්ට උපකාර කිරීම පිළිබඳව කිසිවෙකුටත් කිසිඳු මතභේදයක් තිබිය නොහැක. නමුත්, එවැනි ආධාර සහ සහන ලබාදීම් සිදු කිරීමේදී රටේ නීතිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කළ යුතුය.

මෙලෙස ආධාර සහ සහන ලබාදීමේ කටයුතුවල නියැලෙන්නන් රජයේ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නැවත වරක් කරුණාවෙන් ඉල්ලා සිටියි.

වස්සලාම්.

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

අප පුවත් පළකිරීමෙන් පසු උලමා සංවිධානය විසින් ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට නිකුත් කරන මාධ්‍ය නිවේදන සංස්කරණය කිරීම් මීට ඉහතදී සිදු කර ඇති බැවින් screenshot එකක් පහතින් දක්වා ඇත.

Related posts

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday

මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙ

colombotoday

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

colombotoday

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday