Colombo Today Local News

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී සීල වැඩසටහනත් සමග පැවැත් වීමට තීරණය කර තිබේ.

පොසොන් උත්සවය පැවැත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21)දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයන්ට එළඹී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත් වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවල පැවැත් වෙන පොසොන් පින්කම් ඇතුළු රට පුරා පැවැත් වෙන පොසොන් පිංකම් මාධ්‍ය දායකත්වය මත අඩු පිරිසකගේ දායකත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

“ආරෝග්‍යා පරමා ලාභා” යන තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට සුදුසු බවද මෙහිදී අගමැතිවරයා විසින් යෝජනා කර තිබෙන අතර වයස්ගත පිරිස් හා යම් යම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් සීල ව්‍යාපාර සඳහා සහභාගී කර ගැනීමෙන් වළකින ලෙසත් මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට ද තීරණය වී තිබේ.

පෙරහැර පින්කම් අත්‍යාවශ්‍ය අංශ පමණක් සහභාගී කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

මෙහිදී අගමැතිවරයා පවසා ඇත්තේ, අවදානම් තත්ත්වය හේතුවෙන් මේ අවස්ථාවේ කිසියම් පාලනයක් අවශ්‍ය බවයි.

Related posts

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ

colombotoday