Colombo Today Local News

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

අද (21) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 61 දක්වා ඉහළ දමන බවයි.දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ඔහු සඳහන් කර සිටියා.

තවද වෛද්‍යවරුන්ට අමතරව සියලුම් තාක්ෂණික අංශ වල රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ද මේ සම්බන්ධව සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

“කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂ දෙක ආසන්නයේ

colombotoday

T 56 උණ්ඩ සමග කඩුවක් වෙළම්බඩ වැවෙන් සොයාගනී…

colombotoday

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin

අදත් තැනින් තැන වැසි

colombotoday

සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.

colombotoday

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday