Colombo Today Local News

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය නිසා තාවකාලිකව නතර කර තිබුණු කොළඹ නගරය තුළ වාහන නැවැත්වීමේදී අය කරනු ලබන ගාස්තු හෙට සිට යළි අය කිරීම නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසයි.
ඒ අනුව එම ගාස්තු අය කරනු ලබන පුද්ගලයන්ට කොවිඩ් – 19 පැතිරීම වළක්වාලීමේ උපදෙස් වැඩමුළුවක් පැවැත්වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේය.

මෙහිදී තමන් කොවිඩ් රෝගයෙන් වැළකී සිටින අයුරු මෙන්ම තමාගෙන් වෙනත් කෙනෙකුට රෝගය ප්‍රචාරය වීම වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබදව ඔවුන් දැනුවත් කර බව වෛද්‍ය විජයමුණි පැවසුවේය.

Related posts

ඉන්දීයාවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

colombotoday

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

colombotoday

ETCA හොදයි.. සුපිරියි.. කියන ප්‍රචාරක මෙහෙයුම සජිත්ට භාරදෙයි !

colombotoday

නිවාස ඇමතිටත් උපාධි ගැටළුවක්?

Admin