Colombo Today Local News

කදවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් තහනම්-සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා

වැලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළ බවත් ඔවුන් සිය විමර්ශන වලින් අනතුරුව අදාළ වාර්තාව තමන් වෙත දැනුම් දුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි

එම වාර්තාව අනුව එහි තත්ත්වය පාලනය කිරිම සඳහා තමන් විසින් නිර්දේශ කිහිපයක්ම නාවික හමුදාව වෙත නිකුත් කළ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

කඳවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් නතර කරන ලෙසටද උපදෙස් ලබාදී ඇති බව ඔහු කියා සිටියා.

මෙම නිර්දේශ නිසි පරිදි සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වසංගත රෝග වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පත් කොට තිබෙන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් 578 දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 221 දෙනෙක් සුවය ලබා ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප්‍රකාශ කර සිටියා.

Related posts

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ

colombotoday

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin