Colombo Today Local News

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත් විය.

මුහුදු මහා විහාර භූමියේ යළි මැනුම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (19) පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමි භාගයක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලබන බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එම භූමි භාගය නිවැරදිව මැන ගත යුතු වන බවද ප්‍රකාශ කළේය.

මුහුදු මහා විහාරයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලබන 27 වැනිදා එම ප්‍රදේශයට යෑමටද නියමිතය.

මුහුදු මහා විහාර භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටද කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා ​අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

Related posts

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

සභාවේදී ගුටි ඇණගනී… විවේකයේදී කේක් කවාගනී… ජනතා නියෝජිතයෝ ජනතාව රවට්ටන හැටි – වීඩියෝ සහිතයි

colombotoday

කුරුණෑගලින් වර්තා වූ ආසාදිතයන් දිස්ත්‍රික්කය පුරා විහිදෙයි

colombotoday

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්. තවත් කතක් සැමියා ගෙදර යවා පෝලිමේ සිටි තරුණයෙකු සමග අනග රැඟුමේ

colombotoday