Colombo Today Local News

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහල ගොස් ඇති නිසා එම සහනය මෙරට ජනතාවට ලබාදී නිෂ්පාදනය ඉහළ නංවා ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පැවසිය.

අද ලෝකයේ පවතින ඉතා අඩු බොරතෙල් මිල මත මෙරට තුළදී ඩීසල් ලීටරය රුපියල් 42 කටත්, පෙට්රල් ලීටරයක් රුපියල් 50කටත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 28 කටත් ලබාදිය හැකි බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම මිල සහන ලබා නොදීම නිසා ඉන්දීය තෙල් සමාගම විශාල ලාභයක් උපයමින් සිටි නිසා ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් දැන් බද්දක් අයකරන බවද ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා තම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

Related posts

අමිත් වීරසිංහ ඇතුළු මහසෝන් බළකායේ දහදෙනා නැවතත් රිමාන්ඩ් !

colombotoday

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

colombotoday

ගෑස් මිල ඉහළ යන ලකුණු

Admin

ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිළධාරියෙක් මිය යයි

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday