Colombo Today Local News

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයැදුම සම්බන්ධ නියෝගය හෙට (13) කොළඹ මහාධිකරණයේ දී ප‍්‍රකාශයට පත්කෙරේ.

ජනාධිපතිවරණ ආසන්න දිනයක බොරු රැවුල්වලින් සැරසී ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහභාගි කරවාගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පසුගිය රාජ්‍ය සමයේ දී සුදුවෑන්වලින් මිනිසුන් පැහැර ගෙන ගොස් කිඹුලන් ගහන වැව්වලට දැමූ බවට අසත්‍ය ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් හෝ ලබා ගැනීමට අවස්ථාව නොලැබී තිබිය දී දින 3ක් තුළ ඔහු ඇප මත මුදාහරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීති විරෝධී බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම් විභාගය කොළඹමහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ පැවැත්වූ අතර එහි නියෝගය ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට ජනාධිපති මෛතී‍්‍ර සිය කනගාටුව පළ කර සිටී.

colombotoday

ලැම්බොගිනී, රත්තරන් අශ්වයෝ ගැන එදා අපට පහරගහනකොට අපිනම් ෆේස්බුක් තහනම් කරේ නෑ

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday