පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
වේවැල්වත්ත පොලිසියේ සහාය මත සැකකරු අද ( 06) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වේවැල්වත්ත ගලබඩ පදිංචිකරුවෙකි.ඔහු සමාජ මාධ්‍ය ක්‍රීයාකාරික යෙකු සහ ජයාරූපශිල්පියෙකු ලෙසද කටයුතු කරන බව පොලිසිය පවසයි .
සැකකරු සහ සමාජ මාධ්‍ය වෙත ප්රච්ණඩත්වය සහිත ව්ඩියෝවක් මුදාහල බවකියන බාල වයස්කරු අතර දැන හැදිනකම් ගොඩ නැගි තිබුණේ ද සමාජ මාධ්‍ය හරහා බව වේවැල්වත්ත පොලිසියේ බුද්ධි තොරතුරු නිලධාරි ව්සින් සොයාගෙන තිබුණි.
21 හැවිරිදි තරුණයා බාල වයස්කරුට ව්ඩියෝවක් සමාජ ජාලයට මුදා හැරිම ගැන උපදෙස් ලබාදි ඇතැයි පොලිසිය අණාවරණය කරගෙන තිබුණි .