BusinessColombo Today Local News

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මූල්‍ය ශක්තිය අවම වූ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇත.

ඒ ‘ද ඉකොනොමික්ස්ට්’ සඟරාව විසින් රටවල් හැට හයක රාජ්‍ය ණය, විදේශ ණය, ණය ලබාගැනීමේ පිරිවැය සහ රටවල් සතු විදේශ ණය සංචිත යන කරුණු පදනම් කරගෙන සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට එහි 61 වැනි ස්ථානය හිමිවීම හේතුවෙනි.

මෙම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ ඇංගෝලාව, ලෙබනනය, බහරේනය, සැම්බියාව සහ වෙනිසියුලාවයි.

2020 වසරට අදාළව රටවල විදේශ ණය ගෙවීම් සඳහා ඇති විදේශ සංචිත පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීමේදී වැඩි අවධානයක් යොමුකර ඇති බව ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව සඳහන් කර ඇත.

මෙම සමීක්ෂණයට අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී ඇත්තේ පසුගිය වකවානුවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් බොස්ට්වානා රාජ්‍යයයි.

දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව මෙම ශ්‍රේණිගත කිරීම්වල 18 වැනි ස්ථානයේද, පාකිස්තාන 43 වැනි ස්ථානයේද, බංග්ලාදේශය වඩාත් ඉහළින් 09 වැනි ස්ථානයේද රැඳී ඇත.

Related posts

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

colombotoday

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

මහා සංඝරත්නයේ ඉල්ලීමට හිස නමා විමල් ආහාර වර්ජනය අතහරී !

colombotoday

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

colombotoday