Colombo Today Local News

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් , රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ,එබැවින් ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ හිටපු ආණ්ඩුකාර, සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් නීතීඥ චරිත ගුණරත්න මහතා විසිනි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමින් ඉල්ලා ඇත.

නීතිඥ එම්.එල්.ෂහාබ්දීන් මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන්වේ.

පෙත්සම්කරු කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. එමෙන්ම නීතීඥවරයෙකි.පෙත්සම්කරු කියා සිටින්නේ කො⁣රෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20’වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති වි⁣⁣ශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත.

රටේ දැනට පවතින තත්ත්වය තුළ කොරෝනා රෝගීන් 600කට අධික පිරිසක් සොයා ගෙන තවත් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියා සිටී.එසේම සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිත රෝගීන් මේවන විට හමුවී ඇත.ඊට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් නිරෝධායන පරීක්ෂාව යටතේ පසුවන බව පෙත්සම්කරු කියා සිටී.

පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.

Related posts

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

colombotoday

ඇමති බදියුදීන් ජාත්‍යන්තරය ඇවිලවීමේ සූදානමක… සිංහලයන් සුළු ජාතීන්ට හිරිහැර කරනවායි පෙන්වීමට වීඩියෝවක් හදයි !!

colombotoday

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

colombotoday

සමලිංගික පිරිමි ගහනය සීඝ්‍රයෙන් ඉහළට.. කොන්ඩම් බෙදන්න රට පුරා ස්වෙච්ඡා කණ්ඩායම් යොදවයි !

colombotoday

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

ජනපතිගේ ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා අල්ලස් අරන් මාට්ටු – ජනපති පුත් වැඩේ ගොඩින් විසදයි

colombotoday