28.8 C
Colombo
9 April 2025
Colombo Today Local News

කුරුණෑගලින් වර්තා වූ ආසාදිතයන් දිස්ත්‍රික්කය පුරා විහිදෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .

Related posts

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday