World

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

‘කොවිඩ්-19’ වසංගතය  හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 153,177 ක් ලෙස දැක්විණි.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා ගොස් ඇත .

මෙම දත්ත මීට වඩා වැඩි වනු ඇතැයි පැවසේ . දැනට ලැබී ඇති නිල සංඛ්‍යා දත්ත සහ මාධ්‍ය වාර්තා භාවිත කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ඉහත දත්ත නිකුත් කර තිබේ.

විවිධ රටවල කොවිඩ්-19 පරීක්ෂණ කිරීමේ ක්‍රමවේද වෙනස් බැවින් මේ දත්ත තවදුරටත් වෙනස් වනු ඇතැයි පැවසේ.

Related posts

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයි

Admin

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50 දෙනෙක් මරුට

colombotoday