Colombo Today Local News

හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සහය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින්, මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය හා එක්ව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුමක් 2020 අප්‍රේල් මස 15 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. එහිදී සැක කටයුතු ලෙස රැඳි සිටි පුද්ගලයින් අට දෙනෙකු (08) නිරීක්‍ෂණය කර ඔවුන් වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම පුද්ගලයින් සතුව තිබී මිලිග්‍රෑම් 1020 ක පමණ හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව එම හෙරෝයින් සමග පුද්ගලයින් අට දෙනා (08) අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් සැකකරුවන් මීගමුව සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනා ගන්නා ලද අතර, අදාල සැකකරුවන් සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දෙන ලදි.

Related posts

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

colombotoday

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday