Articles

කොරෝනාව හා පක්‍ෂ දේශපාලක කුහකයින් රැළ

කොරෝනාව නිසා දේශපාලන වාසි ගන්නට ගහ ගන්නා දේශපාලකයින් කොතෙකුත් සිටිනවා වියහැකිය. මා දන්නා රටවල් දෙකක් ඇත. ඇමෙරිකාවේ ජනාධිපති, ප්‍රාන්ත ආණ්ඩුකාරවරු හා දේශපාලන පක්‍ෂ දෙක එසේ කොණ්ඩවලු පටලවා ගනිමින් සිටී. ලංකාවේ මා දකින්නේ මීට වෙනස් දෙයකි. එහි තිබෙන්නේ ලෝකයේ වෙන කොහේවත් නැති කැත, කුහක, දේශ ද්‍රෝහී, බලු හැසිරීම්වල සම්මිශ්‍රණයකි.. මහජනයා විසින් බලයෙන් පහකල යහපාලන හොරු රැළක් විසින් (ජේවීපීද ඇතුළුව) කෙසේ හෝ ආසන කීයක්වත් දිනා ගැනීමේ ඒකායන අභිප්‍රායෙන් කියන මෝඩ කතාය. මේ කතා නිසා රැවටෙන අවංක මෝඩ චන්දදායකයින් සතුටු කිරීම මොවුන් ලබන චූන් එකය. ජනාධිපති ගෝඨාභය විසින් ගෙනයන කොරෝනා කළමනාකරණ වැඩපිළිවෙල මේ කුහකයින්ට විඳදරා ගත නොහැකිව සිටී. නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත කියන පරිදි මෙම කළමනාකරණයේ නොයෙක් අඩුපාඩු ඇතිබව සැබෑය.

ලංකාවේ දැනට ඇත්තේ බකල් කරණලද, අසංවිධානාත්‌මක, පක්‍ෂ දේශපාලන ගැත්තන්ද සහිත රාජ්‍ය නිලධාරී පරිපාලන තන්ත්‍රයකි. මේවා සුද්ද කිරීමට ලීක්වාන්ලා අවශ්‍ය නැත. ආණ්ඩු විරෝධී ග්‍රාම සේවකලා, සමෘධි නිලධාරීන් සිටිනවා නිසැකය. එහෙත් මම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහින්ද හෝ සිරිසේන කෙනෙක් නොව මම ගෝඨාභය, මට ඉන්නේ පරණ අයගේ උපදේශකයින් සෙට් එක නොව, අළුත් කණ්ඩායමක් යයි කියනු ඇසෙන විට රට වැසියා, විශේෂයෙන් සිංහල බෞ‌ද්‌ධ චන්දදායකයා ඉන් ඉමහත් අස්වැසිල්ලක් ලබනවා නිසැකය. එහෙත් මේ කියමන රනිල්, සජිත් පිල් දෙකට, සරත් ෆොන්සේකාට හා ජේවීපීකාරයින්ට ඉවසා ගත නොහැකි කම්මුල්පාරක් නොවේද?

එක අතකින් මේ කුහක හැසිරීම, ජාති ද්‍රෝහී හැසිරීම පුදුමයට කරුණක්ද නොවේ. රනිල්, රවි, කිරිැල්ලෙලා, ප්‍රභාකරන් හරහා ඒ කාලේ කලේත් මෙයමය. ලංකාවට විදේශ ආධාර නොදෙන්නයි ඉල්ලන තරමට රනිල් දුෂ්ටයෙක් විය. පාර්ලිමේන්තුවේ අයවැය පරදා යුද්‌ධය ආපස්සට හරවන්නට මොහු ගත් වෑයම වැලැක්‌වූයේ විමල් වීරවංශ විසින් ජේවීපි පිරිස සමඟ කල අභ්‍යන්තර අරගලයක් මඟිනි. මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ කියන්නට අනුර බණ්ඩාරනායක පවා අන්‌ධයෙක් විය. තොප්පිගල කියන්නේ කැලයක්, සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට වුනත් යුද්‌ධ දිණන්න පුළුවන්, අලිමංකඩ කියා පාමංකඩ යනවා, කිලිනොච්චි කියා මැදවච්චි යනවා, හමුදාපති සැල්වේශන් හමුදාපති යනාදි ගොන් කතා කී මේ කල්ලියේ අළුත් ගොන්ම ප්‍රකාශය නම් රනිල් විසින් බීබීසී එකට කිව්වා කියන, නිලධාරීන් කොරෝනාව පාලනය කලා එහෙත් ආණ්ඩුව අසමත් වුනා යන කතාවය. රනිල්ගේ ජාති ද්‍රෝහී හැසිරීම නිසා ඔහුට උරුමවූයේ එක දිගටම චන්ද පරාජය වීම නමැති රෝගයය. ඔහුව එලවා ගැනීමට පාක්‍ෂික කල්ලි නොකල දෙයක් නැත්තේ රටට ආදරයටම නොවන බව දැන් කුරුඳුපොලු කාරයින්ගේ හා සජිත් පිලේ කොරෝනා කතා වලින් එලිවන්නේය.

මේ කුහකයින්ගේ හැසිරීම මතක් කරන්නේ මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී යන කියමණය. ආණ්ඩුව මොනදේ කලත් මුන් දකින්නේ එහි වැරදි පැත්තක්‌මය. සජිත් පාමසි දොස්තර වැඩේ කරන්නට ගොස් නා ගෙන සමාව ඉල්ලා සිටියේද භාගෙටය. සමහරු ඇඳිරි නීතිය වැඩි කරන්න කියති. තවත් සමහරු ඒ නිසා මිනිස්සු බඩගින්නේ මැරෙණවා කියති. රංජන් ඒ අස්සේ දේශපාලන රැස්වීම් හා සම්භාහන වැඩ කරගන්නේ, තමා වැඩිම මනාපය ගත් මන්ත්‍රී කියමිනි. ඒ අස්සේ සුවපති, නැව්පති රාජිත ඔහුට නම් දින තුනෙන් මේ කොරෝනාව මර්‌ධනය කල හැකිව තිබුණා කියයි. සරත් ෆොන්සේකාත් හොට දමමින්, ලොක් අවුට් එක දාන්න ප්‍රමාදවුනා කියයි. පාසැල් වැහුවේ ගුරු සංගමයේ වැඩවර්‍ජනයට බයේ යැයි කලින්ම කියූ හිරුණිකා බබා දැන් නිහඬය. ජේවීපී කාරයින් කියන්නේ මොනවාද කියා මට මතක නැත. මොකක් හෝ අපභ්‍රංස, කෙස් පැළෙන තර්‌කයක්ම වියයුතුය. හැමදේම කියන්නේ චන්දය කල්දමා ගැනීමේ අරමුණින් බව හැමෝගේම පොදු සාධකය බව නම් පැහැදිලිය. ඒ අතර පරණ ජරා, කොළඹ බටහිර තානාපතිලාට අනුව ලෝකයේම උතුම්, පාර්ලිමේන්තුව, ආපසු කැඳවන ලෙස මැකෝ දේශප්‍රිය අල්ලාගෙන කරණ බැලුමක්ද විය. හරියට කොරෝනාව මේ අඥාන රැළේ හිස් ඔළුගෙඩි වලට එකපාරටම ඥාන-කල්කයක් විද්දා කියා සිතාය.

මේ ආයතනය බොරුවක් බවට හොඳම සහතිකය දුන්නේ පාලිත තේවරප්පෙරුමය. ඔහුට අනුව පක්‍ෂ නායකයින් ස්‌වල්ප දෙනෙක් සෙසු මන්ත්‍රීන් හරක්සේ සළකමින්, ඔවුන්ට නොයෙක් වරදාන (අල්ලස්) දෙමින් ගේමක් ගෙනයයි.කොරෝනාවට මුවාවී ගෝඨාභයට මඩ ගැසීමට, දවසකට කෝටි ගණන් වැයකර මොවුන්ට නොමිලේ කන්න සපයනවා හැර වෙන විශ්වක‌ර්‌ම වැඩක් මොවුන්ට පහලවේවිද? ගෝඨාභය විසින් මේ බැලුමේ හුලං යවන ලදී. පාලිත කරණ අන්දමට පාරට බැස සාගින්නෙන් පෙලෙන ජනයාට කෑම බෙදීම වෙනුවට, මේ ප්‍රාණ වලට ඕනෑ දියවන්නා ඔයේ ගුබ්බෑයමටම රිංගීම නොවේද? මේ අය අතර යම් තරුණ හොඳ අතලොස්සක්ද සිටිනා නමුත් ඔවුන්ට කලහැකි දෙයක් නැත.

මැතිවරණ කොමිසමේ සාමාජික, යහපාලන ගැත්තෙක්‌වූ, හූල් විසින් රට ඒකාධිපතිවාදය කරා යනවා යයි විදේශ මාධ්‍යවලට කියමින් සිටී. කොරෝනාව විසින් රටට ඉගැන්‌වූ වැදගත්ම පාඩම නම්, රටේ මේ තියෙනවා කියන නාස්ලණු ප්‍රජාතන්ත්‍රවාදය, ක්‍රමාණුකූලව, සංශොධනය කල යුතු බවය. ලෝකයේම ඕ මයි ගොඩ් කියන අය අතට අත දීම අත්‌හැර ඉන්නා කාලයක මෙය කජු කන්නා වගේ රාජකාරියක් නොවේද? ජනයා අසංවරලෙස හැසිරෙණ ආකාරය, සමෘධි හිඟන දීමනාව ගම් මට්ටමින් මිනිසුන් පක්‍ෂ ලැයිතු අනුව බෙදන ආකාරය, ඔවුන් ඇත්තටම ආත්මගෞරවයක් නැති හිඟන්නන් කර ඇති හැටි මහියංගන ගම් ප්‍රදේශයක දේශපාලක වල්ග සමෘධි නිලධාරිණියකට කල හිරිහැර (පැය භාගයක යූටියුබ් වීඩියෝවක්) මඟින් එලිවේ.

පන්සල, පොලිසිය, යුද හමුදාව, ජන මූල සභාව, ග්‍රාම සේවා වසමක ඉන්නා රාජ්‍ය නිලධාරීන් පස් දෙනා (ග්‍රාම සේවක, ආර්ථික සංවර්‍ධන නිලධාරී, සමෘධි නිලධාරී, සෞඛ්‍ය නිලධාරී, කෘෂි පර්යේෂක නිලධාරී) සමූපාකර සමිතිය, සණස යන මේ ආයතන මඟින් ජනයාගේ මූලික අවශ්‍යතා වන ආහාර, වස්ත්‍ර, ආවරණ, සෞඛ්‍ය-සනීපාරක්‍ෂාව, පාරවල්, ගමනාගමනය, පෙර පාසැල්, වැව් පිළිසකර කිරීම යනාදිය පක්‍ෂ දේශපාලකයාගෙන් තොරව ඉටු කිරීමේ වැඩපිළිවෙලක් සැදීම ඒකාධිපතිවාදය නම් ඊට විරුද්‌ධවන්නේ, දැනට, බොරු ප්‍රජාතන්ත්‍රවාදය හරහා සැප විඳින, රට සූරා කන, රට කැඩීමට ක්‍රියාකරණ කළු සුද්දන්, එන්ජිිෝ ඩොලර් කාක්කන්, විදේශ ඔත්තුකාරයින් පමණය. කොළඹ ධනපතියන් මෙන්ම මොන උප්පරවැට්ටියකින් හෝ සල්ලි ගොඩගසාගත් ගම්බද සරොං කාරයිනුත් මේ කළු සුද්දන් ගනයට වැටේ. ගැමි දිරිය නම් දේශපාලකයාගේ මැදිහත්‌වීමෙන් තොරව ගෙනගිය සාර්‌ථක ව්‍යාපාරයක් නොබෝදා රටේ තිබුණ බව බොහෝ දෙනා නොදනී. ජන මූල සභා අනුගමනය කල යුත්තේ ඒ නතර කල මඟ මිස දිවි නැඟුම-සමෘධි නියාමක පාර නොවේ.

චන්ද්‍රසිරි විජයවික්‍රම. Phd, LLB

Related posts

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday

Video – සිංහලේ සහ සිංහ ලේ – ආචාර්ය සූරිය ගුණසේකර වෙනස පහදයි

colombotoday

මන්නාරමේ පරණ කනත්තක් සමූහ මිනීවළක් කළ සොහොන් පල්ලන්ගේ කුමන්ත්‍රණය

colombotoday

කැප්පෙ­ටි­පොළ වීර සෙන්පතියානන්ගේ අව­සානය රන් අකු­රින් සට­හන් වී අදට වසර 202යි.

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

අවුරුදු 60 සුද්දි විවහ කරගෙන, මිලියන 225ක් වංචා කර, ජිවිතෙන් වන්දි ගෙවූ ප්‍රියන්ජන ගැන සුද්දි ලෝකෙටම කියයි

colombotoday