World

සැගවී සිටින තබ්ලික් ජමාත් නායකයා ගැන තොරාතුරු දිල්ලි පොලීසියට

කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දීය රජය විසින් පනවන ලද සීමාවන් නොතකා පසුගිය මාසයේ ආගමික රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ලව ඇති දැනට පොලිසිය මගහරිමින් සිටින එරට තබ්ලික් ජමාත් නායක මවුලානා සාද් සිටින ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වන බව දිල්ලි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය සඳහන් කර සිටිනවා.

තබ්ලික් ජමාත් නායකයා ගිනිකොනදිග දිල්ලියේ සකීර් නගර් වෙත ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත්, ඔහුගේ නිතිඥ්ඥයින් සඳහන් කර සිටින්නේ සාද් ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින බවත් ඔහුගේ නිරෝධායන කාලය අවසන් වූ පසු විමර්ශනයට එක්වන බවත්ය. මාර්තු 31 වන දින දිල්ලි පොලීසියේ අපරාධ අංශය පූජකවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව අධිකරණයට චෝදනා ගොනු කර තිබෙනවා. ඊට දිනකට පසුව දිල්ලි පොලිසියේ අපරාධ අංශය සාද් ඇතුළු පිරිසට ලිපියක් යවමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 91 වන වගන්තිය යටතේ විස්තර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මේ සතියේ ඔහුට දෙවන දැන්වීමක් ද නිකුත් කරන ලදී.

තබ්ලික් ජමාත් නායක මවුලානා සාද්ගේ යැයි කියනු ලබන හඬපටයක් මාර්තු 21 වන දින වට්ස්ඇප් හි සංසරණය වී ඇති අතර, එහි දී ඔහුගේ අනුගාමිකයින්ට රට වසා දැමීමේ නියෝග සහ සමාජ දුරස්ථභාවය නොසලකා හරින ලෙසත්, යොදාගත් ආගමික රැස්වීමට සහභාගී වන ලෙසත් ඉල්ලා ඇත. මාර්තු 24 වන දින රජය විසින් දින 21 ක් සඳහා රට වසා දැමීමට නියෝග කළ අතර කිසිදු සමාජ, දේශපාලන හෝ ආගමික රැස්වීමක් පැවැත්වීම තහනම් කළේය.

Related posts

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

colombotoday

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

colombotoday