Colombo Today Local NewsTop Stories

“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

මෙරටදී කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ආදාහනය පමණක් සිදුකල යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමෙන් පසුව මුස්ලිම් දේශපාලකයන් ඊට විරෝදය දක්වන ලදි. පෙරේදා (2) පැවති සර්ව පාක්ෂික හමුව අතර තුර මේ පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් නැගු ප්‍රශ්නයකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා පුළුල් අදහසක් ලබා දෙමින් පිළිතුරක් ලබා දෙන ලදි.

කෙසේ නමුත් වෛද්‍ය අංශ ලබා දුන් කරුණු පැහැදිලි කිරීමෙන් මුස්ලිම් දේශපාලකයන් සැහීමකට පත්වී නොමැති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව නියෝජනය කල සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු, මුස්ලිම් ජාතික ආණ්ඩුකාරවරු, මුස්ලිම් ජාතික නීතිඥවරු ඇතුළු මුස්ලිම් සමාජයේ නායකයන් විසින් ඊයේ (3) දින මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. එහිදී ශ්‍රී ලංකා රජයට මුස්ලිම් රටවල් හරහා බලපෑම් කිරීමට ඔවුන් කතිකා කරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, කටාර් රාජ්‍ය සහ පකිස්ථානය යන රටවල තානාපති කාර්යාල හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යම් බලපෑමක් කිරීම සඳහා එම රටවල් දැනුවත් කිරීමට රැස්වූ පිරිස කණ්ඩායම්වලට බෙදී එක් එක් කණ්ඩායම් බාරගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ..

මෙයට සහයෝගය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය අතිශයෝක්තියෙන් කරුණු වාර්තා කර ඇති අතර එහිදී ඔවුන් මුස්ලිම් සුළුතරය ශ්‍රී ලංකා රජය විසින් පිඩාවට පත් කරන බව හුවා දක්වා ඇත. ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, නීතිඥ අලි ෂබ්රි සහ හිල්මි අහමඩ්ගේ ප්‍රකාශ ද උපුටා දක්වා ඇත.

Related posts

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

colombotoday

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

ජනපති ජපන් ගොස් ආපසු කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල ලෙස නැවත අනන්න යයි…

colombotoday