World

දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ සංක්‍යාව ඊයේ ඇමරිකාවෙන් වාර්තා වෙයි.

ඇමරිකා එක්සත් ජනපදය පළමු වරට කොරෝනා වයිරස් මරණ 1,000 ක් අප්‍රේල් 1 වන බදාදා වාර්තා කළ අතර එය කොරෝනා වෛරසය හේතුවෙන් දිනක් තුල එක් රටක වාර්තා වූ වැඩිම මරණ සංක්‍යාව ද වේ.

ඇමරිකා එක්සත් ජනපදය බදාදා රාත්‍රී 10:25 පමණ වන විට රෝගීන් 1,040 ක් මරණයට ගොදුරු විය. ජනවාරි අග දී එක්සත් ජනපදයේ වෛරසය ප්‍රථම වරට වාර්තා වූ දා සිට පුද්ගලයින් 5,116 ක් මියගොස් ඇති අතර 215,000 කට වැඩි පිරිසක් ආසාදනය වී ඇත.

මීට ඉහතදී ඇමරිකා එක්සත් ජනපදයේ එක් දිනක් තුල සිදුවූ වැඩිම මරණ සංක්‍යාව අඟහරුවාදා වාර්තා වූ අතර එය මරණ 504 ක් පමණ විය.

සමහර පර්යේෂකයන් පවසන්නේ අපේ‍්‍රල් මැද භාගය වන විට දෛනික මරණ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බවයි.

වෛරසය පිළිබඳ ධවල මන්දිර සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ඇමරිකානුවන්ට ඉදිරි සති දෙකක ඉතා දුෂ්කර කාලයක් වෙනු ඇති බවයි.

Related posts

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin