Colombo Today Local NewsCovid 19

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

කොරෝනා වයිසය ආසාදනයෙන් ලොව පුරා මේ වන විට මරණ 41,654 ක් සිදුවී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3,400 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉක්මවා ඇත.

ඒ අනුව තුන්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට අමෙරිකාව පත්ව තිබේ.

මරණ 12,428 ක් වාර්තා වන ඉතාලිය ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට පත්ව ඇත.

දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ස්පාඤ්ඤය පත්වී ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 8,269 ක් වේ.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 820,000 අධික සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතරින් පුද්ගලයින් 174,000 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා සිටිති.

Related posts

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ

colombotoday

කතානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ?

colombotoday