Business

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය මඟින් ඊයේ (25) දහවල් නීතීයේ රැහැනට හසුකර ගනු ලැබීය.

පාරිභොගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන අධිකාරිය මඟින් ඊයේ සිදුකළ වැටලීමකදී මෙම ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනය පාලන මිලට වඩා දෙතුන් ගුණයකින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට අනාවරණය වී ඇත.

රුපියල් 100/-ට මිල නියම කොට ඇති ග‍්‍රෑම් 425 ප‍්‍රමාණයේ සැමන් ටින් එකක් රුපියල් 550/- කටත් , රුපියල් 150/-ට මිල නියම කොට ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 500/- කටත් , රුපියල් 65/-ට පාලන මිල වන පරිප්පු කිලෝව රුපියල් 180/- කටත් , රුපියල් 92/-ට මිල නියම කොට ඇති පාන් පිටි කිලෝව රුපියල් 350/- කටත් වැඩි මිලට අලෙවි කරන භාණ්ඩ අතර වෙතැයි පාරිභොගික අධිකාරිය පවසයි.

මෙම වැටලීමෙන් පසු එම වෙළඳ ආයතනය වැඩි මිලට භාණ්ඩ විකුණු පාරිභොගිකයින්ට අයකළ වැඩි මිල නැවත ලබාදීමටද ආයතනය පොරොන්දු වී ඇති අතර අන්තර්ජාලය මඟින් ප‍්‍රසිද්ධ කර ඇති භාණ්ඩ වල වැඩි මිල ගණන් ඉවත් කිරීමටද පොරොන්දු වී ඇතැයි අධිකාරීය වැඩිදුරටත් පවසයි.

රටේ ඇඳිරි නීතීය පවතින අවස්ථාවේදී පාරිභොගිකයින් ගසා කැමේ යෙදුණු එම වෙළඳ ආයතනයට විරුද්ධව මාලිකන්ද අධිකරණයේ නඩු පැවරීමටද අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

පාරිභොගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි එහි අධ්‍යක්‍ෂක අසේල බණ්ඩාර මහතාගේ අධික්‍ෂණය යටතේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ ජසුර් සහ විමර්ශන නිලධාරී චමින්ද අරුණ කුමාර යන මහත්වරු එම වැටලීම සිදුකළහ.

Related posts

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

තල් වලින් වයින් නිෂ්පාදනයට පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කරයි

colombotoday

ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී රුපියල 3.8% කින් පිරිහිලා

colombotoday

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday