Colombo Today Local News

ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වසා දමයි.

උතුරු පළාතේ ජනතාවට තම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටතට නොයන ලෙස තහනම් කිරීමත් සමඟ ඊයේ (22) සිට උතුරු පළාතට ඇතුළුවන යාපනය නුවර ඒ නවය මාර්ගය ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය අසලින් වසාදැමීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය.
 
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මෙම මුරකපොල්ල ඔස්සේ වවුනියාව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලට ගමන්කිරීමට හැකි අතර සාමාන්‍ය ජනතාවට මෙම මුරකපොල්ල ඔස්සේ පිටවීම තහනම් කර තිබිණි.
 
යුද හමුදාව හා පොලිසිය එක්ව මෙම මුරකපොල්ල ඔස්සේ අත්‍යවශ්‍ය කාරණා සඳහා පැමිණෙන හා පිටවෙන පුද්ගලයින්ද විශේෂ පරීක්ෂාවට ලක්කෙරිණ.
 
මීට අමතරව මැදවච්චිය , මන්නාරම් මාර්ගය හා වවුනියාව , ත්‍රිකුණාමලය මාර්ගයද වසාදමා තිබේ.
කොරෝනා වෛරසය ආසාදිත දේවගැතිවරයෙක් විසින් බැතිමතුන් 150 අධික පිරිසකට පැවැත් වූ දේවමෙහෙයක් හේතුවෙන් රජය විසින් උතුරු පළාතට මෙම තහනම ක්‍රියාත්මක කර තිබිණ.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday