Colombo Today Local News

දෙමළ පෙදෙස්වල නිරෝධායන මධ්‍යස්ථාන එපා… දකුණේ හදාගන්න – TNA

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් හා චාල්ස් නිරමලනාදන් යන මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය පා සිටියි.

එහිදී මන්ත්‍රීවරුන් විසින් කියා සිටින්නේ රජය විසින් නිරෝධයන මධ්‍යස්ථාන ගාල්ල හා හම්බන්තොට වැනි ප්‍රදේශයන්හි ඉතා පහසුවෙන් පිහිටුවීමට අවස්ථාව තිබියදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිරෝධයන මධ්‍යස්ථාන පිහිටුවීම මගින්ම උතුරු නැගෙනහිර ජනතාවගේ තත්වය වැටහී යන බවට පවසා සිටියි.

උතුරු නැගෙනහිර ජනතාව අවධානම් තත්වයකට දමමින් මෙසේ එම ප්‍රදේශයන්හි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සිදු නොකළ යුතු බවටත් වයිරස්කාරකය වැළඳී ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් නිරෝධයනය කිරීම සඳහා බහුතරයක් වූ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක නොකොට වෙනත් ප්‍රදේශයන්හි නිරෝධයනය කිරීමට රජය වහාම පියවර ගත යුතු බවටද දෙමළ ජාතික සන්ධානය විසින් වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

colombotoday

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

colombotoday

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

Admin