Colombo Today Local News

කුවේටය වසා දමයි… ගුවන් ගමන් අත්හිටුවයි… සියළු පොදු ස්ථාන වසා දමා රටම නිරෝධනය කරයි !

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා  ජනාකීර්ණ හා සියළු පොදු ස්ථාන වසා දැමීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇත.

කුවේට් රජය දින 10 කාලයක් සදහා එරට වෘත්තිකයන්ට නිවාඩු ලබා දී ඇති අතර නිවෙස්වලම රැදී සිිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

සියළුම පාසල්, කඩ සාප්පු, බැංකු, කායවර්ධන මධ්‍යස්ථාන ද වසා දමා ඇති අතර, රජයේ සමුපකාර වෙළදසැල් පමණක් පැය 24ම විවෘත තබ බව රජය නිවේදනය කර ඇත. විවාහ මංගල උත්සව ඇතුළු පිරිස් එක්රැස්වෙන උත්සව සියල්ලද තහනම් කර ඇත.

සති දෙකක කාලයක් සදහා සියළු වාණිජ ගුවන් ගමන්ද අත්හිටුවීමට කුවේට් බලධාරීන් තීරණය කර ඇත.

මේ වන විට කුවේට් රාජ්‍ය තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් 72ක් හදුනාගෙන ඇති අතර පුද්ගලයන් 900ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

Related posts

එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු

colombotoday

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

Admin

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

colombotoday

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

colombotoday