Colombo Today Local News

ශ්‍රී ලංකාවත් අවධානමේ… උපදෙස් පිළනොපැද්දොත් අපේ නගරත් වහන්න වෙයි !

සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් අනිකුත් රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හැඟවීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එමෙන්ම දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මඩකලපුවේ සහ කන්දකාඩුව පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යාමේ කටයුතු අද (10 වැනිදා) සිට ආරම්භ කරන බවද හෙතෙම කීවේය.

එලෙස පැමිණෙන මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පෘශ්ඨීය විෂබීජ හරණයකට ලක්කෙරෙනු ඇත.

ඉන් අනතුරුව විශේෂිත බස්රථ මගින් ඔවුන් එම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවත් එහිදී දින දාහතරක් නේවාසිකව නිරෝධායනයකට ලක්කර ඉන් පිටව යාමට හැකි වෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

“බැඳුම්කර ගනුදෙනුවට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහෙන්ද්‍රන් සාක්ෂි දෙයි

colombotoday

‘කොන්ත්‍රාත්වලට මිනී මරපු අය රණවිරුවන් ලෙස හැදින්විය හැකිද’ රණවිරුවන් ගැන එන්ජීඕ මතය සමන් රත්නප්‍රිය කියයි

colombotoday

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

colombotoday