Colombo Today Local News

සජිත්ට අලියා දෙන්න රනිල් බෑ කියයි… එජාපය සජිත්ගේ සන්ධානය වර්ජනය කරයි !

නෙළුම් පොකුණ රඟහලේ දී අද (2 වැනිදා) පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය​ට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීමට තීරණය කර ඇත.

රනිල් පිල අලියා ලකුණින් වෙනම තරග බිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊ​යේ (1 වැනිදා) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මාස දෙකකට පෙර පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලබාදෙන ලෙස දැනුම් දී ඇත. නමුත් මෙතෙක් ව්‍යවස්ථාව ලබාදී නොමැති හෙයින් පක්ෂයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතු වී ඇත. සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ ගැටලුව නොවිසඳීම තවත් හේතුවක් වෙයි. කෙසේ වෙතත් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිරිසට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී තීරණය කර තිබේ. ඉදිරි මහ මැතිවරණයට ‘අලියා’ ලකුණෙන් ඉදිරිපත් වීමටද මෙම සාකච්ඡාවේදී තීන්දු කර ඇත.

මහ මැතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නාම​ යෝජනා මණ්ඩලය ඊයේ (1 වැනිදා) සිට රැස්වී සිය අපේක්ෂකයන් තේරීමද ආරම්භ කර ඇත.

Related posts

ඥානසාර හිමිට ඇප ලැබී ඇත්තේ එක් චෝදනාවකට පමණයි… අනෙකුත් චෝදනා තවමත් විභාග කෙරේ !

colombotoday

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

colombotoday

අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි. – මනෝ ගනේෂන්

colombotoday

වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා.. අක්කර සිය ගානක් චීනයට සින්නක්කර වීම යහපාලන රජය වැළැක්වූවා

colombotoday