Colombo Today Local News

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ සමයේ චීනයේ කළ සංචාරයක් සඳහා උපදේශක සේවා ලබා ගත් විදේශීය සමාගමකට රුපියල් කෝටි 12ක මුදලක් ගෙවීමට මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ.

2016 වර්ෂයේ අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරතව ඇත. ඒ සඳහා උපදේශන සේවා ලබා ගැනීම කෙරෙහි නොදර්න් ස්ටාර් කන්සල්ටින්ග් කෝපරේෂන් ලිමිටඩ් නමැති සමාගම සමග සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි චාන්දනී විජේවර්ධන ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුමට අනුව ඇමෙරිකානු ඩොලර් 65000ක මාසික ගාස්තුවක් සමාගමට ගෙවීමට නියමිතව තිබුණි.

ගිවිසුමට අනුව අමාත්‍යාංශය විසින් චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමාගමට ඇමෙරිකානු ඩොලර් 65000ක මුදලක් 2016 අ​ගෝස්තු 18 වැනි දින ගෙවා තිබේ. අදාළ ගිවිසුම 2017 පෙබරවාරි 17 වැනි දින දක්වා ක්‍රියාත්මක විය.

චීන සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සංවිධානය කිරීමට එම සමාගමට පවරා ඇත. 2017 මැයි මාසයේ පැවැති සේද මාවත සම්මන්ත්‍රණය ඇතුළු තවත් විශේෂ ආයෝජන සඳහා වූ සාකච්ඡා සංවිධානය කිරීමද සමාගමට පවරා තිබේ.

කෙසේ වෙතත් මෙම සමාගමට ගෙවිය යුතු හිඟ මුදල වන රුපියල් කෝටි 12ක මුදලක් ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම ලිපිය යොමු කර ඇත්තේ පෙබරවාරි 20 වැනිදාය.

Related posts

“ආර්ථික අර්බුදයට කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක් ඇති විය හැකි”

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

අරමුදල් හා වත්කම් අත්හිටුවීමේ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday