Colombo Today Local News

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න පියවර ගන්න – ජනපති දැනුම් දෙයි !

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මේ උපදෙස් දුන්නේය.

අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට  නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

අපනයන සමාගම් මිලදී  ගන්නේ ඔවුන්ගේ නැව් මඟින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව ධිවර සමිති නියෝජිතයෝ කියා සිටියහ. තමන් අපනයනය සඳහා පමණක් කර්මාන්තයේ නිරතව සිටින බැවින් තම අස්වැන්නට නිසි වෙළඳ පොළක් නොමැතිවීම බලවත් ගැටළුවකැයි ඕව්හු  පෙන්වා දුන්හ.

කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ ගැටලුව විසඳීමට බලධාරීන්ට කියා සිටි ජනාධිපතිවරයා අපනයනකරුවන්ගේ මෙන්ම යාත්‍රා හිමියන්ගේ ද සහභාගිත්වය ඇතිව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නේය. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණදී ඇති ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයා  ධීවර සංස්ථාවේ සභාපතිවරයාට පැවසීය.

Related posts

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

colombotoday

ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මත

Admin

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday