Colombo Today Local News

හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වාට හා පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇත. ඒ අනුව ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.

2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද බවට ඇමරිකාව විසින් කියනු ලබන “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම සඳහා ඔහු සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කර තිබේ.

ඉහත කී ඇමරිකානු පනතේ 7031 (ඇ) වගන්තිය මගින් විදේශ රටවල නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට තීරණය කර එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් බලය හිමි වී තිබේ. ඒ අනුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව, ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් නම් කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බව ඔවුන් කියා සිටී. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙවැනි පියවර ගැනීම මගින් ගෝලීය වශයෙන් මානව හිමිකම් කෙරෙහි ඇමරිකාව දක්වන වැදගත්කම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා දඩුවම් නොලැබීම පිළිබඳ ඇමරිකාවේ සැලකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවන්හි යෙදෙන අය සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබඳ අවධාරනය කෙරෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

Related posts

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

මේක 225දෙනා කරපු දෙයක් නෙමේ. මිනිස්සු රස්සාවක්වත් හරියට කරනවද? – වරද මිනිසුන්ගෙයි ! අලි සබ්‍රි පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

colombotoday