Colombo Today Local News

නවක මන්ත්‍රී සමන් රත්නප්‍රියට එක්කෝටි විසි ලක්ෂය තීරු බදු රහිත වාහන බලපත්‍රයක්… අනුමැතියට ලියකියවිලි බාර දෙයි !

නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා  දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අප කළ වීමසුමකදී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යතාංශයේ පාර්ලිමේත්තු කටයුතු අංශයේ නිලධාරිනියක  පැවැසුවේ රත්නප්‍රිය මහතාට වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි.

රත්නප්‍රිය මහතාට හිමිවන තීරු බදු රහිත  වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු  ඩොලර් 65,000කි. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණි). සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත් කෙරුණේ පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.

රත්නප්‍රිය මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ මැතිසබයේදී ඉකුත් 5 වැනිදා දිවුරුම් දුන්නේත්ය. රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සහාපතිවරයා වූ සමන් රත්නප්‍රිය මහතා ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කටයුතු කළ සමාජ ක්‍රියාකාරි සංවිධාන කිහිපයකම පුරෝගාමියෙකි.

Related posts

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

මහින්ද අකමැති, විමල්ලා, ගම්මන්පිලලා කැමති සැලැස්මක් ගැන කුමාර් ගුණරත්නම් කියයි

colombotoday

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday