Colombo Today Local News

මහේන්ද්‍රන් හොරකම් කර ඇත්තේ කබ්රාල් සමග එකතු වෙලයි… වෝහාරික විගණනයෙන් අපි සුද්දයි !

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මගින් බැඳුම්කර වෙළෙඳ පොළේ සිදු වූ ගනුදෙනු සහ කොටස් වෙළෙඳ පොළේ සිදු වූ ගනුදෙනු යනුවෙන් මූල්‍ය විගණන දෙකක් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (02දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

2015 වසරට පෙර අර්ජුන් ඇලෝසියස් ඍජුවම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග ගනුදෙනු සිදුකර ඇති බවත්, 2015 වසරට පසු අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහබැංකු අධිපතිවරයා සමග ඍජුවම ගනුදෙනු කර ඇති බවට මෙම වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ කළ හර්ෂ ද සිල්වා මහතා,

“මේකේ මූල්‍ය විගණන දෙකක් තියෙනවා. එකක් තමයි බැඳුම්කර වෙළෙඳ පොළේ තිබුණු ගනුදෙනු. අනිත් එක් තමයි කොටස් වෙළෙඳ පොළේ තිබුණු ගනුදෙනු. ඒ කියන්නේ අපි වෙනත් විදියකට හිතුවොත් මහරගම ගෙවල් කඩපු සිද්ධියක් සම්බන්ධයෙන් සහ කොල්ලුපිටියේ ගෙවල් කඩපු සිද්ධියක් සම්බන්ධයෙන් වෙච්ච පරීක්‍ෂණ දෙකක් මෙතන තියෙන්නේ. එතකොට හොයන්න තියෙන්නේ මේ ගෙවල් කඩපු සිද්ධීන්වලට සම්බන්ධ වෙලා ඉන්නේ එකම රංචුවක්ද නැද්ද කියන එක.

දැන් මූලික සොයාගැනීම මොකක්ද. විගණකාධිපතිතුමාගේ වාර්තාවට අනුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ වාර්තාවට අනුව, ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව බැඳුම්කර නිකුතුවලදී හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නීතියට පටහැණිව ක්‍රියාත්මක කිරීම හරහා රජයට විශාල පාඩුවක් සිද්ධ වන බව ඔප්පු වෙලා තියෙනවා.

මම මේ කියන සියලු දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ශ්‍රී ලංකා ජනරජය විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් මට මට දීලා තියෙන මේ වාර්තාවට අනුව මිසක් මේ මගේ අදහස් කිසිම දෙයක් මෙතන නෑ.

දැන් මේ පර්පචුවෙල් එකයි ඇලෝසියස් මහත්තයයි ඉන්වනේ. 2015 පස්සේ ඔහුත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ අර්ජුන් මහේන්ද්‍රන්නේ. මෙන්න මේ වාර්තාවට අනුව ඔහු සමග ඍජු සම්බන්ධතාවක් තිබිලා තියෙනවා මීට කලින් හිටපු අධිපතිවරයාත් එක්ක. අජිත් නිවාඩ් කබ්රාල් එක්ක. 2015 කලින් ඇලෝසියස් වෙනම කණ්ඩායමක් එක්ක ඉඳලා තියෙනවා. 2015 පස්සෙ වෙනම කණ්ඩායමක් ඉඳලා තියෙනවා. එතතොට 2015න් පස්සේ මේ ගනුදෙනු වෙන්නේ බැඳුම්කර වෙළෙඳ පොළේ. 2015ට කලින් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කොටස් වෙළෙඳ පොළේ” යනුවෙන් පවසා සිටියේය.

Related posts

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි

colombotoday

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin

ප්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි

colombotoday