Colombo Today Local News

රණවිරුවන්ට එරෙහිව දැමූ නඩු නවතන්න බෑ – නීතිපති දප්පුල ජනපතිට එරෙහිව අවි ඔසව‍යි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනපති කොමිසමකට තමන්ට නියෝග දීමේ කිසිඳු බලයක් නැතැයි නීතිපති දප්පුල ලිවේරා දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කිරීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු රණවිරුවන් 14 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව කොමිෂන් සභාවේ අවසන් නිර්දේශය නිකුත් කරන තෙක් තවදුරටත් පවත්වාගෙන නොයන ලෙසට කර තිබූ දැනුම්දීමට පිළිතුරු යවමින් නීතිපතිවරයා ඒ බව දන්වා ඇත.

වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා නීතිපති තනතුරට පත් කළේ පසුගිය එජාප රජය සමයේය. තවමත් එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් පවතින ව්‍යවස්ථාදායක සභාව මගින් දප්පුල ද ලිවේරා නීතිපති ධූරයට පත් කළේය.

ඉන්පසුව ඔහු මෙලෙසට රණවිරුවන්ට එරෙහිව නඩු පවරන ලදී.

ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර, පාර්ලිමේන්තුව හරහා සුලු ජාතික පක්ෂ වලට බලය ලබා දුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් නීතිපති ඉවත් කිරීමේ බලය ජනපතිවරයාට නැත.

ඒ සඳහා එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නා තෙක් සිටිය යුතුය.

Related posts

කුරුඳුවත්ත ග්‍රෙගරි පාරට ගසක් කඩා වැටෙයි

Admin

රාජිත, චම්පික සජිත් හමුවෙයි… සහයදීමට එකගයි !

colombotoday

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

“අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කන ජාතියක්”

Admin

බැදුම්කර පරීක්ෂණ තීරණාත්මක තැනකට.. ප්‍රබල මැති ඇමති 3ක් CIDයට කැදවයි !

colombotoday

නිවසේ හදිසි අනතුරක්.. පිළිස්සුම් තුවාල සහිතව ගීතා රෝහල්ගත කරයි !

colombotoday