Colombo Today Local News

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායකවන රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්  ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

“2005-2014 කාලය තුළ අපේ රට ආර්ථික වර්ධනය අතින් ආසියාවේ මුල් තැනක තිබුණා. ගත වූ වසර කිහිපයේ දී ආර්ථික වර්ධනය පහළ ගියා. ආර්ථික පුනරුදයක් ඇති කිරීම අද අප හමුවේ ඇති විශාලම අභියෝගයක්” යැයි ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ආර්ථිකය යළි ගොඩනැගීමේ දී නව තාක්ෂණය උපයෝගි කොට ගත යුතුය. පුහුණු ශ්‍රමය තවත් වැදගත් සාධකයකි. ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමයේ ද අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. එහිලා තෘතීයික අධ්‍යාපනයට තරුණ තරුණියන් වැඩි වැඩියෙන් යොමු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද ජනපතිවරයා පැවසීය.

“ජනතාවට සේවය කළ හැකි සහ ආර්ථික වර්ධනයට වැඩිපුර දායක විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන දියුණු කළයුතුය. සංචාරක මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට එහිදී ප්‍රමුඛ වගකීමක් පැවරේ. පසුගිය සමයේ නැගුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක විය යුතුය”. ජනාධිපතිවරයා කියා සිටියේය.

කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කිරීම නාගරික තදබදයට විසදුමක් ලෙස පෙන්වා දුන් රාජපක්ෂ මහතා ඔවුනට නව තාක්ෂණය සහ දියුණු යටිතල පහසුකම් සපයා දිය යුතු බව සඳහන් කළේය.  මේ ව්‍යායාමයේ දී උද්ගත වන සියලු ගැටලු වලට විසඳුම් දීමට තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව තම කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලිමක් කළේය.

Related posts

සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහන් ඉවතට. | ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යලිත් අන්තවාදී ග්‍රහණයට.

colombotoday

ගාල්ලලෙන් බුස්ස‍ට එවූ බන්ධනාගාර රැඳවියෙක් උපවාසයක

Admin

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

colombotoday

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

Admin

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

colombotoday

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday