Colombo Today Local News

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

පසුගිය ආණ්ඩුව විසින් අධික කුලී මුදලක් ගෙවා ආන්දෝලනාත්මක බදු ගිවිසුමක් යටතේ කුලියට ලබාගත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සඳහා 2021 මාර්තු මාසය දක්වා (බදු ගිවිසුම අවසන් වන දිනය දක්වා) කුලී මුදල් එකවර ගෙවා දමා තිබේ. 

ඒ අනුව 2021 මාර්තු මාසය දක්වා ඉදිරි මාස 14 සඳහා එහි අයිතිකරුට දැනටමත් ගෙවා දමා ඇති මුදල රුපියල් ලක්ෂ 3360 කි.

මෙම අරුම පුදුම ගෙවල් කුලී ගිවිසුමේ අන්තර්ගත තවත් වගන්තියකින් කියැවෙන්නේ වසර 05 බදු ගිවිසුම අවසන් වන්නට පෙර අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් වුවද ගෙවන ලද ඉදිරි කාලයේ කුලී මුදල ගොඩනැගිලි හිමිකරු විසින් නැවත රජයට නොගෙවන බවය. එනිසා කල්තබා මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් වීමෙන් රජයට සිදුවන රුපියල් ලක්ෂ 3360 පාඩුව හේතුවෙන් මෙම ගොඩනැගිල්ලෙන් කල්තබා ඉවත් වීම ගැන රජයට දෙවරක් සිතා බැලිය යුතු යැයි එම අමාත්‍යාංශයේ වෘත්තිය සමිති ගණනාවක් අමාත්‍යාංශ බලධරයන්ට දැනුම්දී තිබේ.

මේ කුලී ගොඩනැගිල්ල සම්බන්ධව එල්ල වී තිබෙන ජනතා විරෝධය නිසා කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වහාම සිය අමාත්‍යාංශය මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් කරගත යුතුයැයි කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට එය කැබිනට්ටුවෙන් සම්මත කරගෙන ඇත. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පාර්ලිමේන්තුව අසල ගොවිජන මන්දිරය වෙත ගෙනයාමට සැලසුම් කළද දැනට අබලන්ව ඇති ගොවිජන මන්දිරය අලුත්වැඩියා කොට කාර්යාල නැවත සැකසීමට තවත් සෑහෙන කලක් ගතවන බව අදාළ බලධාරීන් අමාත්‍යාංශයට දන්වා තිබේ. 

ඒ අතරතුර කෘෂිකර්ම විෂය භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ වහාම රාජගිරියේ පිහිටි අධික කුලියට ලබාගත් ඩී.පී.ජේ. ගොඩනැගිල්ලෙන් අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත ගෙන නොගියහොත් තමන් දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. මේ ගොඩනැගිල්ල සම්බන්ධව තිබෙන ජනතා විරෝධය නිසා රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව දැන් ක්‍රියාත්මක කළහොත් රජයට රුපියල් ලක්ෂ 3360ක මුදලක් අහිමි වන අතර එම ගොඩනැගිල්ලේ හිමිකරැට නැවතත් අදාළ ගොඩනැගිල්ල වෙනත් කෙනකුට කුලියට දීමේ අවස්ථාව හිමිවන බව වෘත්තිය සමිති ගණනාවක් රජයට දැනුම්දී තිබේ. නමුත් දැන් ගොඩනැගිල්ලෙන් ඉවත් වීම ආරම්භකර ඇත.

Related posts

ඉන්ධන පිරවුම්හලක් කඩාගෙන ආ ජිප් රථයක් කල අනතුර – අයෙක් රෝහලේ

colombotoday

සහරන්ගේ සොහොයුරාගේ ඉඩමෙන් හමුවූ කඩු දිවයින පුරා පල්ලිවලින් හමුවූ කඩුවලට සමානයි.

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday

පාගමනින් ගිය සිසුන් පිරිසක් කැබ් රථයක් යටකරගෙන යයි.. සිසුවෙක් මරුට දහයකට තුවාල

colombotoday

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday