Uncategorized

ජනතාවගේ ප්‍රශ්න අමතකකර එජාපයේ අපි තනතුරු වෙනුවෙන් ගහමරා ගන්නවා !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ අදහස් දක්වා තිබෙනවා.

අද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුදායකම දිනයක් වී ඇත . සැමවිටම ශ්‍රේෂ්ට බලවතුන්ගේ හා විනයගරුක දේශපාලනයන්ගේ පක්ෂයක් වූ එ ජා ප අද හැසිරුනේ ඊට හාත්පසින්ම විරුද්ධ අයුරින්ය.

ඉහළ ජීවන වියදම, පොහොර නොමැතිකම, සාමාන්‍ය ජනතාවට දැනෙන දුෂ්කරතා වැනි බොහෝ කාරණා සමඟ පොර බඳින ජනතාව වෙනුවෙන් හඬක් නැගිය යුතු අවස්ථාවක දී අපි පක්ෂයක් වශයෙන් මෙසේ නායකත්වයට පොර බැඳීම පක්ෂයට ආදරය කරන එක්සත් ජාතික පක්ෂ චන්ද දායකයාට කරන අසාධාරනයකි.

මම එක්සත් ජාතික පාක්ෂියෙක් වීම ගැන ආඩම්බර වෙමි. මමත් මේ රට වෙනුවෙන් මියගිය එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුගේ පුතෙකි .. මගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ අපගේ හදවතේ සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ය .

නායකයින් එකට එකතු විය යුතුය .. එකමුතුව ඉදිරියට යාමට තීරණයකට පැමිණිය යුතුය.මෙම ගැටුමෙන් සිදුවන හානිය දරාගත නොහැකි අතර අපගේ ප්‍රමුකතා නිවැරදිව හඳුනාගැනීමට කාලය පැමිණ තිබේ.

මගේ රට සහ මගේ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ යුතුකම් නොපිර්හෙලා ඉටු කිරීම මාගේ අභිලාශයයි.

නවින් දිසානායක
ජාතික සංවිධායක
එක්සත් ජාතික පක්ෂය

Related posts

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

Admin

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday