Colombo Today Local NewsUncategorized

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

ct rajitha

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ගිලන් රථ සේවාව ඉන්දියානු සමාගමකට පැවරීමට සැලසුම්කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි.

ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් මේ සදහා ආයෝජනය කිරීමට ඉන්දීයාව සූදානම් වන බවත් අදාල ඉන්දීය සමාගමට ගිලන් රථ සේවාව පැවරීමෙන් පසු ගිලන් රථ සේවා ලබා ගැනීමට ජනතාවට එම සමාගමේ ලියාපදිංචි විය යුතු බවද පැවසේ.

ඉන්දියානු මොඩලයට සමාන ගිලන් රථ සේවයක් ලංකාවේ ඇරඹීමට නියමිත බවද පැවසේ. ඒ අනුව 108 අංකය අමතා අදාල සේවය ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර මේ සදහා ඉන්දීය රජය ගිලන් රථ 88ක් නොමිළේ ලබා දීමට නියමිත බවත්, මෙම ව්‍යාපෘතිය ශ්‍රීලංකා – ඉන්දියා රජයේ සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කලේ.

මේ අතර ලංකාව තුළ ක්‍රියාත්මක වූ (Falck)ගිලන් රථ සේවය ලංකාව හැර යන බවද ප්‍රකාශ කර ඇත. ගිලන් රථ සේවාව සදහා ඉන්දීය රජය මැදිහත්වන බැවින් තමන් ලංකාව අතහැර යන බවද එම සමාගම සදහන් කර ඇත.

Related posts

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday

කොටි වළ දැමූ රත්තරන් සොයා මුලතිව් – ශිවනගර්හි කැණීම්

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලෙන් මත්පෙති මතු වෙයි

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

colombotoday