Colombo Today Local News

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කළේ අන්තවාදී දේශපාලඥයින් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානමින් සිටින ඒ එල්එම්. ෆාරිස් හාජියාර්  මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මහනුවර මහයියාව ප්‍රදේශයේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

නිදහසින් පසුව ඉතා සුන්දර දේශපාලනයක් තිබුණු අපේ රටට මෑත කාලයේ ඉතා අප්‍රසන්න දේශපාන තත්ත්වයක් බවට පත් වන්නට සිදුවී තිබෙනවා.

1948 පිහිට වූ කැබිනට් මණ්ඩලයේ සියලු ජාතින් ඉතා සහයෝගයෙන්  හිටියා.

එදා පටන් සිරිමාවෝ  බණ්ඩාරණායක මැතිණියගේ  කාලය වෙනකම් මේ රටේ සැබෑ සංහිඳියාවක් තිබුණා.

ඒ සංහිඳියාව දේශපාලන වශයෙන් ඉතා උච්චතම අවස්ථාවට ගෙනාවේ ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ කාලයේ ලංකාවේ තිබුණ ප්‍රබලම අමාත්‍යාංශයක් වුණ අධ්‍යාපන අමාත්‍යාංශය  දුන්නේ අල්හාජ් බද්යුදීන් මහමුද් මැතිතුමාට.

කිසිම කෙනෙක් ප්‍රශ්න කළේ නෑ මේ තරම් වැදගත් අමාත්‍යාංශයක් මුස්ලිම් කෙනෙකුට දුන්නේ ඇයි කියලා . ඒක බොහොම් ආදරයෙන් පිළිගත්තා. ඔහු අන්තවාදියෙක් විදිහට හැසිරුනේ නෑ.

ඔහු සියලු  දෙනා එක්ක එකතු  වෙලා වැඩ කළා. ඔහු මේ රටේ ජාතික අධ්‍යාපනය කේන්ද්‍රයක් කර ගත්තා.  ඒ අධ්‍යාපනයේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම හිටියා. කිසි කෙනෙක් ඇඟිල්ලක් දික් කරල චෝදනාවක් කළේ නෑ. .සැබෑ සංහිඳිවාව තිබ්බේ එදයි.

නමුත් කෘතිම සංහිඳියාවක් හදන්න ගිහින් මේ රට මහ විනාශයකට ගෙනිච්චා.  මේ රටේ හිටියා මරික්කාර්, හමීඩ් ඇමතිතුමා, වගේ අය හාමුදුරුවන්ට වඳින කොට අපට  ආස හිතෙනවා.  සැබෑ සංහිඳියාවක් මේ රටේ තිබුණා.  ජාතික ආගම් අනුව  දේශපානය කරන්න ගිහින් දේශපාන අන්තවාදීන් විසින් මේ රටේ එකිනෙකා දකින කොට එකිනෙකාට ඊර්ෂ්‍යා කරන  එකිනෙකාට වෛර කරන  නැනට මේ රට   ගෙනල්ලා තියෙනවා.

මේ තක්කඩි වෛරවාදී අන්තවාදී දේශපානය  නතර කරන්න  අපි මහනුවරින් ආම්භ කරන්න ඕන .අපි සියලු දෙනා දහම්පාසැල් ගිය අය.

අපේ කිසිම ආගමක තව  කෙනෙකුට වෛර කරන්න උගන්වලා නෑ.  අපි දහම් පාසැල් ගිය නිසා අපට සහජීවනය අලුතින් උගන්වන්න ඕන නෑ. අපේ පාසැලේ එක පැත්තක මුස්ලිම් දරුවා, අනෙක් පැත්තේ කතෝලික දරුවා. මේ රටේ  තුන්වන පුරවැසියා වුණා එම්.එච්. මොහමඩ් මැතිතුමා.

තුන්වන පුරවැසියා වුණා බාකීර් මාකර් මැතිතුමා,කිසි කෙනෙක් ඒවට විරුද්ධ වුණේ නෑ. කතෝලික දෙමළ ජාතිකයෙක් වුණ කදිරගාමර් මැතිතුමාව අගමැති කරන්න ඕන කියලා මේ රටේ සිංහල බහුතරය කිව්වා. ඒ නිසා සංහිඳියාව තියෙන්නේ අපේ හදවතේ.

අන්තවාදී දේශපානය හෙළා දැකලා මේ රටේ සංහිඳියාව වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් දෙමළ බර්ගර් සියලු දෙනා එකට එකව සිටින රටක් අපි හදා ගන්න ඕන.  තමන්ට ඡන්ද ලක්ෂ දෙකක් තියෙනවා. පහක්තියෙනවා කියලා රටෙන් කෑලි ඉල්ලන අය තමයි මේ රටේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව  අන්තවාදීන් බවට පත් කරලා  සංහිඳියාව විනාශ කරල දාලා තියෙන්නේ”

Related posts

බස්නාහිර නව ආණ්ඩුකාරවරයාට රු.බිලියන 56ක චෝදනාවක්

Admin

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin

කංචන ඉන්ධන ඉල්ලන්න කටාර් යයි

colombotoday

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

colombotoday

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday