Colombo Today Local News

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයට වැට බැඳිය යුතුයි !

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකි බවත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව.්  ජනාධිපතිවරයා කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට අද (10) පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විද්‍යාර්ථයින් එක් දහස් දෙසිය අසු දෙදෙනෙකුට උපාධි පිරිනැමිණ. දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරිහු 224 දෙනෙක් ඔවුන් අතර වෙති. ප්‍රථම උපාධිධාරින් ගණන 1057 කි.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රට තුළ පමණක් නොව කලාපයටම ආදර්ශමත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතු බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබේ. එය සෑමවිටම ආරක්ෂා කළයුතුය.  පෞද්ගලික අධ්‍යාපනය සඳහා මූල්‍යමය ශක්තිය පවතින අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට  අවකාශය ලබාදිය යුතු බව  ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin