කොටවෙහර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ නිකවැරටිය පොලිස් ස්ථානය මගින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය රෝහල් ගත කර ඇති අතර කොටවෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.