Colombo Today Local News

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

රාජපක්ෂ පවුලේ කුරහන් සාටකය තමන් නොපැළදියත් එහි දර්ශනය තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

පාර්ලිමේන්තු සැසිවාරය අරඹමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

“රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.

මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් ජනතාව රාජපක්ෂවරුන්ගෙන් පත්කර තිබෙනවා.

කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් මම නියෝජනය කරන්නේ එහි ගැඹුරු දර්ශනයයි. එම දර්ශනය මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා.

එය සභාගත කරනවා. ජනතාව මට පැහැදිලි ජනවරමක් දුන්නා. ජනතාව මා ගැන තැබූ විශ්වාසය කඩ නොකරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට මමත් මගේ රජයත් කැපවෙනවා.”

Related posts

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේ

Admin

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

මංගල ළඟ සිටි NGO කල්ලියක් ගෝල්ෆේස් විරෝධතාවය හයිජැක් කිරීමේ මෙහෙයුමක

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin