Colombo Today Local News

හමුදාපතිට තවත් තනතුරක් !

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට(01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර ඇති බව යුද හමුදාව සඳහන් කළේය.

කෙසේ වෙතත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් යුද හමුදාපති ධුරයේ කටයුතු කරනු ලබන බව ද යුද හමුදාව පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙනුවෙන් අද උදෑසන ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ඉදිරිපිට පැවැත් විය.

මෙම අවස්ථාව සදහා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් මෙම අවස්ථාව සදහා එක්ව සිටියේය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ දීර්ඝතම සේවා කාලයක් සපුරන ලද නිලධාරියා ලෙස සැලකෙයි.

Related posts

ඇමති ජෝන්ට ආයෙත් මද කිපිලා.. කෝටි 8ක වියදමින් හැදූ වත්තල ඇවිදින මං තීරුව කඩා දමයි

colombotoday

පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය ඡුායාරූප දමන මුස්ලිම් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට…

colombotoday

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin

රට දුවන්න ණය ගන්න වෙනවා

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දෙමටගොඩ පිපුරුම සිදුවූ නිවසේ හිමිකරු සුප්‍රසිද්ධ හජ්ජියාර් කෙනෙක්? ජවිපෙ දේශපාලන හිතවතෙක්?

colombotoday