Colombo Today Sports News

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

32 හැවැරිදි චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.

ඔහු 2006 වසරේදී ටෙස්ට්, එක්දින හා විස්සයි20 වරම් හිමිකර ගත්තේය.

2017  වසරේදී චාමර අවසන් අවස්ථාවට සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 2009 වසරේදී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කර තිබේ.

Related posts

අවිශ්කගේ සුපිරි පිතිහරඹයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් ජය හිමිකර ගනී

colombotoday

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති මන්ත්‍රී ප්‍රේමනාත්

colombotoday

“ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න මට බැහැ – IPL තරග කිහිපයක් හරි ගහනවා” – ලසිත් මාලිංග

colombotoday

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

colombotoday

ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී.

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday