Colombo Today Local News

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

රජය අපහසුතාවට පත් කිරීම සඳහා බොරු ගෙතූ බවට චෝදනා එල්ල වී ඇති මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය ලෙස හඳුන්වන ගානියා බැරිස්ටර් වෙනුවෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික මණ්ඩලයේ ප්‍රධානියකු පෙනීසිටීම සඳහා දැඩි උත්සාහයක නිරත වී ඇති බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධය හමුවේ එම පුද්ගලයාගේ උත්සාහය නතර වී ඇත.

වත්මන් ආණ්ඩුවේ සමීපතමයකු ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා පසුගිය ආණ්ඩුව සමයේදීද එම ආණ්ඩුවට සමීපව වැඩ කරන බව හැඟවීමට නීති ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් සිදු කර තිබේ.

අවස්ථා කිහිපයකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇත්තේ ගානියා වෙනුවෙන් පෙනී සිටීමට බව වාර්තා වේ.

Related posts

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

බදියුදීන්ට නොතීසි

colombotoday

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin

ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට අවසර

colombotoday