Colombo Today Local News

මන්ත්‍රී පාඨලී චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13දා) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවේදී වාහනයේ රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද විදෙස්ගත වීම තහනම් කර තිබේ.

2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයක් හා යතුරු පැදියකින් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.

Related posts

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

Admin

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin