Colombo Today Local News

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ  කටුපොල් වගාව නතර කිරිමට නොවැම්බර් මස 11දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ  අද  (28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදි  අදහස් දක්වමිනි.

කටුපොල් වගාව නතර කිරිම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදි  දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදි.

එහිදි  දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධව ක්‍රියාත්මක විම සඳහා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාළ  නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවයි.

කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධව මහජනතාවගෙන් සහ විවිධ පාරිසරික සංවිධාන මගින් දැඩි විරෝධයක් එල්ලවුණු අතර නිශ්චිත තීරණයක් ‍නොලැබීම හේතුවෙන් පසුගිය කාලයේ දිස්ත්‍රික්කය පුරා බොහෝ ගැටලු ඇති විය.

Related posts

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin