Colombo Today Local News

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් මුස්ලිම් ජනතාවට හිරිහැර සිදුවේවි යැයි එජාපය සහ මුස්ලිම් දේශපාලන නායකයන් විසින් මුස්ලිම් ජනතාව බිය වද්දමින් ගෙන ගිය බොරු ප්‍රචාරය මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදී සිටිමට හේතුව බව මුස්ලිම් කවුන්සිලය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ සිදු කළ ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා ප්‍රචාරය කරමින් තව දුරටත් මුස්ලිම් ජනතාව බියවද්දමින් සිටින බවද ඔවුන් කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව යුද්ධය නිමා කිරිම නිසා වැඩියෙන්ම නිදහස ලැබුවේ තමන් බව මුස්ලිම් ප්‍රජාව අමතක නොකළ යුතු බවද, මෙවර මැතිවරණයේදී සිදුවූ වරද නිවැරදි කිරීම සදහා මුස්ලිම් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔවුන් කියා සිටී.

මුස්ලිම් කවුන්සිලයේ නියෝජිතයන් මෙම අදහස් පලකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ඉස්මත් හාජියාර්ගේ කුරුවිට නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබී LTTE සංවිධානයේ නිළ ඇදුම් සහ මිනිස් අස්ථි කොටස් හමු වෙයි

colombotoday

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

colombotoday

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

colombotoday

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday