Colombo Today Local News

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට නගරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමකදීය.

වැඩිදුර අදහස් දැක්වූ එරාජ් රවීන්ද්‍ර මහතා මෙසේද කීවේය.

“හම්බන්තොට ජාත්‍යන්තර වරායේ එදා වූ සිද්ධිය මිරිජ්ජවිල ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ අයත් හොඳට දන්නවා. මම සී . අයි. ඩී එකට කියනවා මගේ දුරකතන වාර්තා ගන්න. ඒ සිදුවීම වූ දිනට ( අප්‍රේල් 17) පසුදා ( අප්‍රේල් 18) උදෑසන සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරලා ඇහැව්ව දේ අහන්න. මට කිව්වේ ‘එරාජ් මොකටද ඔය මන්ත්‍රීවරු බේරුවේ මටත් නොකිය හම්බන්තොටට ආවේ. අපරාදේ ගහල එළවන්න තිබුණේ” කියලා.

“නවීන තාක්ෂණය මගින් දුරකථන වාර්තා අරගෙන මට කතා කළේ කාගේ දුරකතනයෙන්ද එය සොයාබලා විස්තර ගන්න කියලා මම කියනවා. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවාද කිව්වේ කියලා. මේක නැහැ කියල කියනවා නම් මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න එදා මම එරාජ්ට එහෙම කතාවක් කිව්වේ නැහැ කියලා” යනුවෙන් පැවසීය.

Related posts

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

“රනිල් ජනාධිපතිවුණොත් හාමුදුරුවන්ට පු* අරියි” – රන්ජන්-හිරුණිකා හඩපටය නිකුත් වෙයි

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin

මුහුණ වසාගත් කල්ලියකින් යාපනේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday