6 April 2025
Colombo Today Local News

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක්  ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඉපැරණි සඳකඩ පහනක් මත දේව ප්‍රතිමා තැන්පත් කර පුරාවිද්‍යා ස්මාරක සියල්ල ඩෝසර් කර ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් ඕමන්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පැරණි ස්ථූප පාදම්, සිරිපතුල්ල ගොඩනැගිලි පාදම්, ගල් කණු, ගඩොල්, උළු  ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ‍කිසියම් පිරිසක්  එලෙස ඩෝසර් කර ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර තිබූ ස්ථානයක් මෙලෙස හානිකර ඇති බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේය.

එම පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකර ඇති බවත් ඒ අනුව කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇති බවද පුරාවිද්‍යා  නිලධාරීහු පෙන්වාදෙති.

ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා  ස්ථානය විනාශ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම පමාවී ඇති අතර එම ස්ථානය විනාශ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම  ද පොලිසිය  පැහැර හරිමින් සිටින බව වවුනියාව  බෞද්ධ සංවිධාන පවසති.

බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කර සති කිහිපයක් ගතවුවද මෙතෙක් පියවර නොගෙන ඇතැයි ද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී උසස් නිලධාරියකු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Related posts

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

colombotoday

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday