ආසිරි රෝහල් සමූහයේ කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් පෙරහුරු ජනාධිපතිවරණයක් පවත්වා ඇත.
එම ඡන්දය සදහා රෝහල් සමූහයේ 2415ක් වූ කාර්ය මණ්ඩලයෙන් මෙම ඡන්ද විමසීම සිදුකර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 1743 ක් ලබා 72% ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
සජිත් ප්‍රේමදාස මහතාට හිමිවී ඇත්තේ ඡන්ද 414ක් වන අතර එය සමස්ථ ඡන්ද සංඛ්‍යාවේන් 17%ක ප්රතිශතයකි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 53ක් ද, මහේෂ් සේනානායක මහතා ඡන්ද 62ක් ද සෙසු අපේක්ෂකයින් ඡන්ද 45ක්ද ලබාගෙන ඇත.