World

මානව හිමිකම් අදාල නෑ, සියලුම මත් ජාවාරම්කරුවන් මරා දමන්න – පිලිපීන ජනපතිගෙන් එරට පොලිස්පතිට නියෝග

මත් දුව්‍ය ජාවාරම් පිළීබදව සිදු කරන ලද සුවිශේෂී මෙහෙයුම් දෙකකදී ඒ හා සම්බන්ධ නගරාධිපතිවරුන් දෙදෙනෙකු මරා දැමූ බවට චෝදනා පවතින නිළධාරියෙකු පිලපීනයේ නව පොලිස් පතිවරයෙකු ලෙස තේරි පත් විය. මේ සම්බන්ධව දැඩි විවේචන එල්ල වූ අතර පසුගියදා පිලපීනයේ ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ විසින් ඔහු වෙත පුද්ගලයින් ඝාතනය කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත.

මැනිලා හී පැවති ව්‍යාපාරික සමුළුවක් අමතමින් කළ කථාවකදී පිලපීන ජනපතිවරයා පවසා ඇත්තේ නව පොලිස් පතිවරයා විසින් මත්ද්‍රව්‍යවලට එරෙහිව සිය රජය විසින් පවත්වාගෙන ගිය යුද්ධය නොනවත්වා පවත්වාගෙන යායුතු බවයි.

ස්පාඤ්ඤ යුගයට අයත් පිලපීනයේ නගරයක් වන බකෝලෝඩ් නගරයේ මත්දුව්‍ය ජාවාරම් මැඩලීම සදහා පොල්ස්පතිවරයාගේ සහය ජනපතිවරයා අපේක්ෂා කරයි. එි සමිබන්ධව තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් ආකාරය පිළීබදව උදම් අනමින් සිය වචන වලින්ම ඔහු පවසන්නේ ‘Go there and you are free to kill everybody. Son of a b****, start killing there. The two of us will then go to jail’, එහි යන්න සියල්ලන්ම මරා දැමීමට ඔබට නිදහස ඇත යනුවෙනි. පිලපීන සහ ඉංග්‍රීසි මිශ්‍ර බසින් ඔහ්‍ර සිය ප්‍රකාශය මෙසේ උද්ධෘත කර ඇත.

එමෙන්ම තමන් මිනිස් අයිතිවාසිකම් පිිළිබදව කිසිසේත් අවධානය යොමු කර නොකරන්නෙක් බවද ඔහු පවසා සිටී.

Related posts

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday